නමුත් එක පාලනය කර ගැනීම හෝ නොකිරීම තම තමාට අයත් දෙයකි.
බොහෝ අය ආලයත් , රාගයත් පටලවාගෙන රාගය සඳහා ආලය කියන බව මම දැක ඇත්තෙමි. " මචන් , මම අර කෙල්ලට මාර ලව් " කියූ විට මම සෑමවිටම අසන ප්‍රශනයක් ඇත. එනම් එම සිසුවියට ඇසිඩ් පහරක් එල්ලවී මුහුන විකුර්ති වී , අතක් කැඩී , ඇවිදගන්න බැරි තත්වය පැමිනියොත් හෝ යම් අයෙකු අතින් ඇයව දූශණය වුවොත් ඇයට තවත් ආලය කරනවද ? යන්නයි. විශ්වාස කරන්න , බොහෝ අයගේ උත්තරය නම් "මේකනෙ බන් .....බ්ලා බ්ලා බ්ලා " යන්නයි. ඔබේ පිලිතුරත් එය නම් එතන ආලයක් නැත.
පාසල් වියේ ආලය නිසා අධ්‍යාපනය බිඳ වැටෙන බව ගුරුවරුන්ගේ හා තවත් බොහෝ දෙනාගේ අදහසයි. එය තරමක් දුරට සත්‍ය වුවත් එය එසේම නැත.
මාගේ හොඳම මිතුරන් හෙවත් ෆ්රෙන්ඩන් දෙදෙනා , අයෙක් A7 ක් , B2 හා අනිත් කෙනා A8 ක් සහ B1 ගෙන O\L සමත් විය. ඔවුන් දෙදෙනාම හොඳ හැටි ආලය කල අයය. එක් යහලුවෙක් නොකලේ දරුවන් ලැබීමට කටයුතු කිරීම පමනකි. ඉතින් තව මොන කතාද ? ආලය අධ්‍යාපනයට බධාවක් නොවේ !
කොළඹ වැනි අතිශයෙන්ම නාගරික පලාතක් නොවන දිශාවක අයට මුහුන දීමට අති විශාල ප්‍රශනයක් ඇත. එනම් "කුලය" යන්නයි. එහි කිසිම තේරුමක් නැති බව මගේ පිලි ගැනීමයි , නමුත් අප ඔලුවෙන් සිටගෙන කියූවත් වැඩිහිටියන් ( නැණවත් අත්ලොස්සක් හැරෙන්නට ) එය එසේ නොවේ යයි යන්න පිලි නොගනී.
නමුත් මෙවැනි පලාත් වල අඩු කුලයක් සහ උසස් කුලයක් එකතු වීම යනු පව්ලෙන් නෙරපා දැමීමට තරම් ක්‍රියා කරන දරුනු වැරැද්දක් වී ඇත. මා බොහෝ යහලුවන්ගේන් ඇසූ ලෙස මට පෙනී ගියේ බොහෝ අය එය ගැන තැකීමක් නොකරන බවයි , බොහෝ අය නොදන්නා බව දැන ගැනීම මට අති විශාල පුදුමයක්ද විය.
මා 11 වසරේ සිටියදී මගේ මව මට පැවසුවේ 'අඩු' අය සමඟ යාලුවුවහොත් ( අදහස් වූවේ විවාහ වීම බව මට දැනුනි ) මාගේ පියා ක්‍රියා කරන ආකාරය ගැන සිතා ගන්න යන්නයි. ( මගේ පියා මට කිසි දිනෙක ගසා ඳඩුවම් කර නැතත් ඔහු රැවූ සැමවිටම මම අඬා වැටෙන්නෙමි , එසේම ඔහු ආලය වැනි මාතෘකා යටතේ මා සමඟ කතා නොකරයි )
මාගේ මව පැවසූ ආකාරයට එසේ යහලු වීමෙන් කිසිදු වරදක් නැතත් සමාජය ඒ ගැන සිතන ආකරය ගැන මට පැහැදිලි කලේය. සමාජය සිතන දේ ගැන මට පලක් නැතයි කීමට තරම් මට එදා කොන්ද පන තිබුනේ නැත. නමුත් මා එසේ කියුවේ නම් එතන විශාල ප්‍රශනයක් හට ගැනීමට ඉඩ තිබිනි.
මගේ අදහස නම් මෙවැනි දේ ගැන දැඩි ලෙස දෙමාපියන් සිටී නම් ඒ ගැන තම දරුවන්ව 10 , 11 වසරදීම දැනුවත් කරන එක හොඳ බවය. නමුත් එතන තවත් ප්‍රශ්නයක් ඇතිවේ , එනම් කුල බේදය යන්න දැඩි ලෙස දරුවන්ගේ සිතේද පැල පැදියම් වීමයි.
මා පෙරද පැවසූ ආකාරයට සමාජය සහ සම්මතය යනු පිලිලයකි.
මා දන්නා පමනින් පාසල් වියේ ආලය කොටස් දෙකකට බෙදේ
- සිරා ලව් ( සැබවින්ම ආලය කරන අය )
- ආතල් ලව් ( තම සතුට තකා ප්‍රයෝජනයට ගෙන ඕනෑම මොහොතක අත හැර දැමීමට සූදානම් අය , මෙය සැබවින්ම ආලය නොවේ )
පාසල් වියේ බොහෝ දෙනා ( මා දන්නා දෙදෙනෙක් හැරුනු කොට ) අන් සැවොම ආලය ආරම්ඹ කිරීමට පෙර සලකා බලන කරුනු කිහිපයක් ඇත.
- ලස්සන ( බොහෝ අය සොයන්නේ සුදු අයවය )
- ශරීරය ( ශරීරය වැඩී තිබිය යුතුය )
- මුදල් ( සල්ලි කාරයෙක් පියා නම් වඩා කැමතිය , නමුත් පෙර කී දේ හොඳ නම් මෙය අත්‍යවශ්‍ය නැත. )
- මීට පෙර කීදෙනෙක් සමඟ යාලුවී සිට ඇතිද ? එය කඩා වැටුනේ ඇයි ( දැන් දැන් මෙයද ප්‍රශ්නයක් නොවේ )
මගේ අදහස නම් , living together සංස්කෘතිය පැලපදියම් කිරීම නොව පලමුව යහලුවන් සේ සිට තම තමන්ගේ අදහස් ගැලපේනම් , තමා තම බිරිඳගෙන් හෝ ආදරවන්තියගෙන් බලාපොරොත්තු වෙන ගුණාන්ග ඇය හෝ ඔහු තුල දක්නට ඇත්නම් , සැබවින්ම තමන් අතර ආලයක් ඇත්නම් ආදරය කිරීමට පටන් ගත යුතුය යන්නයි.මේසේ පලමුව යහලුකමක් ලෙස ඇරඹ පසුව ආලයක් වූ ආදරයක් මා දැක ඇත්තේ එක අයෙක් සතුව පමණකි. ඒ මා පෙර සඳහන් කල මගේ ෆ්රෙන්ඩන් ගෙන් කෙනෙකුය. අනෙත් කෙනා මෑතකදී තම ආදරවන්තියගේ තරම දැන ( අදහස් නොගැලපීම ) ආදර බිඳවැටුනි.
බොහෝ අයගේ ආලය කඩා වැටී ඇත්තේ ඔවුනොවුන් අතර නිසි වැටහීමක් නොපැවතිය නිසාය , සමහරු පාසලට හෝ නිවසට 'මාට්ටු' වීම නිසා ආලය නවත්වයි. [ බොහෝ අය එසේ වුවත් දිගටම හොර රහසේ ආලය කරති. ] තවත් සමහරු ඇයගේ හෝ ඔහුගේ නියම තත්වය වටහා ගැනීම නිසා තම සම්ඹන්දය නවතා දමති.
ආදර කරන්නන්ගෙන් 90 % කටම 'වලි' වැටෙන බව මම දැක ඇත්තෙමි. නැතහොත් තම ආලවන්තියට කිසිවෙක් විහිලුවක් කිරීම නිසා වලියක් දා ගනිති. සමහරු මෙයින් තමා ගේ තත්වය හා චන්ඩි බව පෙන්වන්න උත්සාහ කරති , සමහරු තම ආලවන්තියගේ සහෝදරවරුන්ගෙන් ගුටි කති. පාසල් වියේ 'ලව්' කලොත් 'වලියක්' අනිවාර්ය බව එක් කරුනකි.
පාසල් වියේදී ආලය කරන බොහෝ අය තම සහකාරියගෙන් යම් ආකාරයක තෘප්තියක් ලබා ගැනීමද අපේක්ශා කරන බව මගේ දැනීමයි. එය අතින් ඇල්ලීමේ සිට ලිංගික තෘප්තිය දක්වාම යන බව මම දන්නෙමි. සමාජයට සහ සම්මතයට විරුද්ධවුවත් මෙවැනි දේ ගැන මාහට අත්දැකීම් හෝ ඇසින් දැක නැති මම මෙය සාකච්චාවට හෝ විවේචනයට නොයමි. නමුත් තේරුම් ගත යුතු දෙය නම් තම දෙමාපියන්ට විරුද්ධව , නිවසට , දෙමාපියන්ට බොරු කියා පැමිනෙන මෙම සහකාරිය හෝ සහකරුවා දෙමාපියන්ටත් හොරෙන් මෙවැනි දෙ කරයි නම් ඉදිරියෙදී තමාට ( ඔබට ) හොරෙන් මොනවා කරාවිද යන්නයි.
මෙම ලිපිය මා සිතුවාට වඩා දික් වෙන බව පෙනේ... තව පැවසීමට බොහෝ දේද ඇත. පසු දිනක ඒ ගැන ලියා දක්වන්නට මම සිතමි. අවසානයට තේරුම් ගත් යුතු දේය නම් තම සහකරු හෝ සහකාරියගෙන් අපේක්ශා කරන දෙය ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙයිනම් , එය නියම ආලයක් නම් , තම තමන්ගේ අදහස් ගැලපේ නම් , හැකි නම් දෙමාපියන්ගේද අදහස් වලට ගැලපෙන ලෙස ආදරයක් පාසල් වියේදී ආරම්ඹය වරදක් නොවන බවයි. එනමුත් ආලය යන්න හරි හැටි නොදන්නා 7 , 8 වසර වල සිසුවියන් පවා මගේ යහලුවන් සමඟ 'ලව්' කරනු දැකීම මට මහත් සේ කනගාටුවකි.ආලය නිසා අධ්‍යාපනය අත හැර දැමූ සහ අධ්‍යාපනය විනාශකරගත් අයද මා දන්නෙමි. සියල්ල සමබරව කර ගැනීමට තමා දැනුවත් විය යුතුය.
p.s.- මා එක් සිසුවියකට වසර 4 ක සිට ආලය කරන නමුත් ඇය හා මා කතා කර ඇත්තේ එක් වරක් පමනකි. ඒ ඊයෙ Good Morning පාරකි. වසරක් බාල නිසා පාසලේදී ඉඩ කඩ වැඩිය නොලැබීමත් , ඇය යන්නේ බස් රථයෙන් සහ මම සිටින්නේ පාසලට ආසන්න නිසා පාසලෙන් පිටත හමුවීමට නොහැකි වීමත් , පෙර කී කරුනු බොහෝමයක් නිසාත් , කොන්ද පන නැති නිසාත් ඇගේ අදහස් විමසීමට ක්‍රමයක් නැති නිසාත් , ආතල් එකට ලව් කර පසුව අත හැර දැමීමට නොහැකි නිසාත් මම එය කාලයට බාරදී සිටින්නෙමි.