අලුත් ලිපි

කොන්ඩය කොන්ඩය ගැන පාසල මෙතරම් සැලකිලි මත් වන්නේ ඇයි ? කොන්ඩය පිනා මෙන් පැත්තෙන් පීරා 1 වසරේ සිට 11 වසර තෙක් සිටියත් , සුපිරිම curl නොවුනත් තරමක් දුරට කොන්ඩය curl නිසා මම මේවර 12 වසරේ සිට කොන්ඩය නොපීරා curl වෙන්නට තබා සිටියෙමි. බොහෝ අය එය අගය කල නිසා මම එම ක්‍රමයටම පුරුදු වූවෙමි.....

කියවන්න

තොප්පිය ගැලවීම ලඟදී මා අප පලාතේ තිබූ පාසලකට ( රත්නපුර සීවලී ) , ඔවුන්ගේ විශාල ප්‍රදර්ශනයක් සඳහා ගියෙමි. මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා දී තිබුනත් එහි මාහට නම් වැදගත් යයි යමක් තිබුනේ නැත. කාඩ් බෝඩ් කෑලි ටිකට , පෝස්ටර් කෑලි ටිකට අමතරව එහි තිබුනේ හමුදාවේ බෝට්ටුවකුත් , අහස් යාත්‍රාවකුත් , කඩ ටිකකුත් පමනි......

කියවන්න

Rss
51 කලාපය - අවශ්‍ය අයට තේරුම් ගෙන සිතා බැලිය හැක... අනවශ්‍යයන් හට විවේචනය කර අහක බලා ගත හැක.

'සමාජය' 'සත්‍ය' 'ආගම' 'දැකීම' වැනි දේවල් පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස් බව මගේ හැඟීමයි. මෙම බ්ලොගේ මම ලියන්නේ සමාජය , සම්මතය , ආගම , දැකීම වැනි දේ ගැන මා දකින හා සිතන ආකාරයයි.

බුදු රදුන් හැර කිසිවෙක් 100% නිවැරදි නැත. මාගේ වයස අවුරුදු 16 නිසාත් මට වඩා ඔබට ආත්දැකීම් ඇති වන්නට හැකි නිසාත් මගේ වැරදි කියා පෙන්වා දීම ඔබගේ කාර්‍යයයි.

"සම්මතයට විරුද්ධව - තේරුම් ගන්නෝ තේරුම් ගනිතවා"

තොප්පිය ගැලවීම

ලියුවෙ DragonD | කාණ්ඩ තොප්පි, පාසල, සම්මතය | Saturday, September 26, 2009

ලඟදී මා අප පලාතේ තිබූ පාසලකට ( රත්නපුර සීවලී ) , ඔවුන්ගේ විශාල ප්‍රදර්ශනයක් සඳහා ගියෙමි. මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා දී තිබුනත් එහි මාහට නම් වැදගත් යයි යමක් තිබුනේ නැත. කාඩ් බෝඩ් කෑලි ටිකට , පෝස්ටර් කෑලි ටිකට අමතරව එහි තිබුනේ හමුදාවේ බෝට්ටුවකුත් , අහස් යාත්‍රාවකුත් , කඩ ටිකකුත් පමනි..

පාසලේ විද්යා අංශයේ පෝලිමට ගාට ගාට බෝඩ් කෑලි බලෙන් නරඹමින් සිටි මට , පාසලේ චන්ඩියෙක් යැයි සිතිය හැකි සහෝදරයෙක් "තොප්පිය ගලවපන්" යැයි පැවසීය. " උඹට ඕනි නම් ගලවපන් " යැයි පැවසීමට හිතුනත් , ආත්මාරක්ශක සටන් පන්තියකට යන නිසා අවශ්ය නම් හක්ක පන්නා දැමීමට උවත් තිබූවත් එසේ කෙරීමට තරම් වරදක් ඔහු නොකල බව හැඟුන නිසාත් , එවෙලෙහි සියල්ල එපා වී තිබූ නිසාත් ලඟ පාත fit එකෙක් නොසිටි නිසාත් , වලියක් ඇද ගැනීමට තරම් මානසික තත්වයක් නොතිබූ නිසාත් මම නිහඞවම තොප්පිය ගැලවූවෙමි.

මා තොප්පිය දමා සිටියේ ඒට ටික වෙලාවකට පෙර මඳ වැස්සක් ඇද වැටුනු නිසාය , එසේ නොවුනත් පාසලක් තුල තොප්පියක් දමා සිටිමේ ඇති වරදක් මට නොතේරේ !

මගේ පාසලේදී වුවත් මම පන්තියේ සිට ගේට්ටුව ලඟට එන තෙක්ම තොප්පිය දමාගෙන එන්නෙමි. ඇත්තටම මේ වගේ කිසිම තේරුමක් නැති සිරිත් වලින් ඇති පලය මොකක්ද ? තොප්පියක් පාසලක් තුල දමාගෙන සිටීමෙන් පාසලට වෙන අවැඩක් නැත , පාසලේ බිත්ති ඉරි තලන්නේද නැත.. ශරීරයේ ඔලුව වැදගත්ම අන්ගයක් නොවෙය්ද ? එසේනම් ඔලුවට තොප්පියක් දා ගැනීම වරදක් වන්නේ කෙසේද ?

පාසල තුල තොප්පිය දමා සිටීම පාසලට අගවුරවක් යයි යමෙකුට සිතිය හැක. එය සම්මතය නොවේ යයි තවත් අයෙකුට සිතිය හැක. සම්මතය යනු නිදහසට , දියුනුවට බාදාවකි... පෙර කල මිනිසුන් ගස් ගල් වලට වැන්දෝය , එය තේරුමක් නැති දෙයක් යැයි පෙන්වා දුන් තැනැත්තා එදා අවලමෙක් හෝ සම්මතයට , සමාජයට , කෘතගුන සැලකීමට වීරුද්ද අයෙකු මෙන් හැඟෙන්නට ඇත... නමුත් ගස් ගල් වලට වැඳීම නතර වුවේ කිසියම් හෝ අයෙක් සම්මතයට විරුද්දව , යථාර්තය දැන ගත් නිසාය.

තොප්පියක් පාසලක් තුල දමාගෙන සිටීමෙන් පාසලට හානියක් හෝ , පන ඇති සත්වයෙකුට හානියක් හෝ , පාසලට අගවුරවයක් යැයි කිසිවෙකුට හෝ ඔප්පු කල හැකි නම් එදා සිට මම තොප්පිය ගලවා දමන්නෙමි....

3 අදහස්:

ඉන්දික said...

අපරාදෙ අරූගෙ ඔලුව ගලවන්න තිබ්බෙ..හික්ස්

Anonymous said...

වැදගත් "අංගයක්"
"යන නිසා අවශ්ය" - අවශ්‍ය
"පාසලට අගවුරවක්" - අගෞරවයක්
"දියුනුවට බාදාවකි" - දියුණුවට බාධාවකි
"කෘතගුන සැලකීමට වීරුද්ද" - කෘතගුණ සැලකීමට විරුද්ධ
"පාසලේ විද්යා අංශයේ" - විද්‍යා
"වැදගත්ම අන්ගයක් නොවෙය්ද ?" වැදගත් අංගයක් නොවෙයිද?
"චන්ඩියෙක්" චණ්ඩියෙක්

http://www.microsoft.com/en/lk/
මෙතනින් මම හිතනව, උදව්වක් ගන්න පුලුවන් කියල

DragonD said...

@ Anonymous

කවුරු උනත් කමක් නෑ... බොහෝම ස්තූතියි

සින්හලෙන් ලියන්න මෙතන කොටන්න

ඔබෙ අදහස් මෙතන කොටන්න