අලුත් ලිපි

කොන්ඩය කොන්ඩය ගැන පාසල මෙතරම් සැලකිලි මත් වන්නේ ඇයි ? කොන්ඩය පිනා මෙන් පැත්තෙන් පීරා 1 වසරේ සිට 11 වසර තෙක් සිටියත් , සුපිරිම curl නොවුනත් තරමක් දුරට කොන්ඩය curl නිසා මම මේවර 12 වසරේ සිට කොන්ඩය නොපීරා curl වෙන්නට තබා සිටියෙමි. බොහෝ අය එය අගය කල නිසා මම එම ක්‍රමයටම පුරුදු වූවෙමි.....

කියවන්න

තොප්පිය ගැලවීම ලඟදී මා අප පලාතේ තිබූ පාසලකට ( රත්නපුර සීවලී ) , ඔවුන්ගේ විශාල ප්‍රදර්ශනයක් සඳහා ගියෙමි. මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා දී තිබුනත් එහි මාහට නම් වැදගත් යයි යමක් තිබුනේ නැත. කාඩ් බෝඩ් කෑලි ටිකට , පෝස්ටර් කෑලි ටිකට අමතරව එහි තිබුනේ හමුදාවේ බෝට්ටුවකුත් , අහස් යාත්‍රාවකුත් , කඩ ටිකකුත් පමනි......

කියවන්න

Rss
51 කලාපය - අවශ්‍ය අයට තේරුම් ගෙන සිතා බැලිය හැක... අනවශ්‍යයන් හට විවේචනය කර අහක බලා ගත හැක.

'සමාජය' 'සත්‍ය' 'ආගම' 'දැකීම' වැනි දේවල් පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස් බව මගේ හැඟීමයි. මෙම බ්ලොගේ මම ලියන්නේ සමාජය , සම්මතය , ආගම , දැකීම වැනි දේ ගැන මා දකින හා සිතන ආකාරයයි.

බුදු රදුන් හැර කිසිවෙක් 100% නිවැරදි නැත. මාගේ වයස අවුරුදු 16 නිසාත් මට වඩා ඔබට ආත්දැකීම් ඇති වන්නට හැකි නිසාත් මගේ වැරදි කියා පෙන්වා දීම ඔබගේ කාර්‍යයයි.

"සම්මතයට විරුද්ධව - තේරුම් ගන්නෝ තේරුම් ගනිතවා"

කොන්ඩය

ලියුවෙ DragonD | කාණ්ඩ කොන්ඩය, පාසල, සම්මතය | Saturday, September 26, 2009

කොන්ඩය ගැන පාසල මෙතරම් සැලකිලි මත් වන්නේ ඇයි ? කොන්ඩය පිනා මෙන් පැත්තෙන් පීරා 1 වසරේ සිට 11 වසර තෙක් සිටියත් , සුපිරිම curl නොවුනත් තරමක් දුරට කොන්ඩය curl නිසා මම මේවර 12 වසරේ සිට කොන්ඩය නොපීරා curl වෙන්නට තබා සිටියෙමි. බොහෝ අය එය අගය කල නිසා මම එම ක්‍රමයටම පුරුදු වූවෙමි.

සුපුරුදු ලෙස මෙවරත් ලමුන්ගේ "පාසලට ගැලපෙන බව" පරීක්ශාවක් පැවතිනි. මා ගේ ඇද සෙවීම ඇරඹිනි. පොකට් දෙකක් කලිසමේ නොතිබුනි , සපත්තු "බෝට්ටු" ද නොවුනි ( මම එයට කැමති නැත , විකටයන්ගේ සපත්තු මට ගැලපෙන්නේ නැත ) ඔව්.
වරද මගේ කොන්ඩයේය , එය බෙදා නැත. මගේ කොන්ඩය curl බව පැවසූ විට ඔවුන් කීවේ ඒකට කමක් නෑ, ඕක පීරගෙන එන ලෙසය. ඇතතටම මට වඩා කොන්ඩය curl නමුත් පීරන අයෙක් මගේ පන්තියේ සිටී.

කොන්ඩය curl බව හෝ දිග බව හෝ බෙකම් බව අධ්‍යාපනයට බාදාවක් වන්නේ කෙසේ දැයි මට නොතේරේ. කොන්ඩය වවාගෙන පාසලේ සිටියත් එය ප්‍රශ්නයක් වන්නේ කෙසේද ? කොන්ඩෙ පීරගෙන පැමිනෙන ලෙස කීමෙන් වන්නේ සියල්ලටම වඩා බාධාවක්ය. සියලු දෙනාට එකම මෝස්තරය ගැලපෙන්නේ නැත. බෙකම් තැබීම ගැලපෙන අයද සිටිති . ඔවුන්ට කොන්ඩෙ පීරගෙන එන ලෙස බල කිරීමෙන් වන්නේ සැම විටම මෙයට තමා කැත බව සිතීමත් , කන්නාඩියක් ලඟ තබාගෙන සැම විටම මුහුන බැලීමත්ය. එය මම හොඳින් දැක ඇත්තෙමි.

සියල්ලට මුල 'සමාජය' , 'සම්මතය' යන පටු අදහස් බව මගේ හැඟීමයි. කොන්ඩය නොව යටි රැවුලෙහි එක මයිලක් වවාගෙන පැමිනියත් එය පාසලට බධාවක් බව , විනය විරෝධී ක්‍රියාවක් බව ගුරුවරුන්ගේ අදහසයි.

මේ සියල්ල මහ මෝඩ අදහස්ය...

4 අදහස්:

ඉන්දික said...

අනේ මංද මලයො, බලාගෙන ගියාම උඹත් මාර පොරක්නෙ.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අපේ ඉස්කෝලෙත් කොන්ඩෙට හරියට කචල් දාන්නේ වැඩිපුරම අපේ තට්ට සෑර්ල
මම නම් දැන් පීරන්නෑ ජෙල් චුට්ටක් දාල කොන්ඩේ අවුල් කරන් යනව :D

හරි නම් පාසල් වල ළමුන්ගේ බාහිර පෙනුම හැදීමට වඩා ආධ්‍යාත්මිකව ලමුන් හැඩ ගැස්වීමයි යෝග්‍ය

GNS said...

අධ්‍යාපනයට බාධාවීමක් නම් නෑ.. ඒක තේරුමක් නැති කතාවක්..

ඒත් "ඉස්කෝලෙකින්" අධ්‍යාපනයට, විනය etc, etc, හදනවනෙ.
අන්න ඒ විනයෙ කෑල්ලක් තමයි (හරි හෝ වැරදි හෝ මොක හෝ වේවා) නීති පද්දතියකට අනුව වැඩ කරන්න පුරුදු කරන එක. මොකද ඉස්කෝලෙන් එලියට එන එකා (Uni යන උං ඇරෙන්න) කෙලින්ම සමාජයට බහින්නෙ. හැමෝ‍ම 'ලොක්කො' වෙන්නෙ නෑ. කවුරු හරි යට‍තෙ වැඩ කරන්න වෙනවා. ඉස්කෝලෙ නීතියකට වැඩ කරන්න බැරිවෙච්ච එකා අතන ලොක්කා කියන දේ ඒ විදිහටම කරයිද? :P
අන්න ඒකට තමයි දැං ඉඳලම මරං කන්න හදන්නෙ.. :D
(දැං දැං නම් ඔවුවා බලන මිනුම් කොච්චර සාධාරණද කියන ප්‍රශ්නෙ නම් තියෙනව තමයි.. :/ )

DragonD said...

@ ඉන්දික

අනේ.... ආදර්ශමත් වැඩිහිටියෙක්..... හිකි හිකි ( විහිලුවට කිව්වේ අය්යා ! )

@ ushan

ඔව් සහෝදරයා


@ ගයන්ත

කොන්ඩය , ඇඳුම , රැව්ල , සපත්තු , කලිසමේ පොකට් ගාන විනයට වැටෙන බව මම පිලිගන්නෙ නෑ...

වලි දාගැනීම , ගුරුවරයෙක් එනවිට අසුනෙන් නොනැගිටීම වැනි දේ නම් විනය විරෝධී ක්‍රියා ලෙස කිය හැකියි.....

කෙසේ වෙතත් ඔබ කියූ දේත් සත්‍යක් තිබේ...

සින්හලෙන් ලියන්න මෙතන කොටන්න

ඔබෙ අදහස් මෙතන කොටන්න