අලුත් ලිපි

කොන්ඩය කොන්ඩය ගැන පාසල මෙතරම් සැලකිලි මත් වන්නේ ඇයි ? කොන්ඩය පිනා මෙන් පැත්තෙන් පීරා 1 වසරේ සිට 11 වසර තෙක් සිටියත් , සුපිරිම curl නොවුනත් තරමක් දුරට කොන්ඩය curl නිසා මම මේවර 12 වසරේ සිට කොන්ඩය නොපීරා curl වෙන්නට තබා සිටියෙමි. බොහෝ අය එය අගය කල නිසා මම එම ක්‍රමයටම පුරුදු වූවෙමි.....

කියවන්න

තොප්පිය ගැලවීම ලඟදී මා අප පලාතේ තිබූ පාසලකට ( රත්නපුර සීවලී ) , ඔවුන්ගේ විශාල ප්‍රදර්ශනයක් සඳහා ගියෙමි. මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා දී තිබුනත් එහි මාහට නම් වැදගත් යයි යමක් තිබුනේ නැත. කාඩ් බෝඩ් කෑලි ටිකට , පෝස්ටර් කෑලි ටිකට අමතරව එහි තිබුනේ හමුදාවේ බෝට්ටුවකුත් , අහස් යාත්‍රාවකුත් , කඩ ටිකකුත් පමනි......

කියවන්න

Rss
51 කලාපය - අවශ්‍ය අයට තේරුම් ගෙන සිතා බැලිය හැක... අනවශ්‍යයන් හට විවේචනය කර අහක බලා ගත හැක.

'සමාජය' 'සත්‍ය' 'ආගම' 'දැකීම' වැනි දේවල් පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස් බව මගේ හැඟීමයි. මෙම බ්ලොගේ මම ලියන්නේ සමාජය , සම්මතය , ආගම , දැකීම වැනි දේ ගැන මා දකින හා සිතන ආකාරයයි.

බුදු රදුන් හැර කිසිවෙක් 100% නිවැරදි නැත. මාගේ වයස අවුරුදු 16 නිසාත් මට වඩා ඔබට ආත්දැකීම් ඇති වන්නට හැකි නිසාත් මගේ වැරදි කියා පෙන්වා දීම ඔබගේ කාර්‍යයයි.

"සම්මතයට විරුද්ධව - තේරුම් ගන්නෝ තේරුම් ගනිතවා"

පාසල් වියේ ආලය

ලියුවෙ DragonD | කාණ්ඩ ආලය, පාසල, සමාජය | Sunday, September 27, 2009

අති දරුණු පොත්ගුල්ලෙක් , වයසට ගැලපෙන ලෙස නොමේරූ අයෙක් හා ඉතා සුලු පිරිසක් හැරෙන්නට වෙනස් සෑම අයෙකුටම පාසල් වියේදී ආලය යන්න ගැන අදහස් පහල වෙන බව මම දනිමි. සැබවින්ම එය වයසත් සමඟ හා හෝමෝන ක්‍රියාකාරීත්වයත් සමඟ එන ස්වාභාවික දෙයක් නිසා එහි වරදක්ද මා නොදකිමි.
නමුත් එක පාලනය කර ගැනීම හෝ නොකිරීම තම තමාට අයත් දෙයකි.
 

බොහෝ අය ආලයත් , රාගයත් පටලවාගෙන රාගය සඳහා ආලය කියන බව මම දැක ඇත්තෙමි. " මචන් , මම අර කෙල්ලට මාර ලව් " කියූ විට මම සෑමවිටම අසන ප්‍රශනයක් ඇත. එනම් එම සිසුවියට ඇසිඩ් පහරක් එල්ලවී මුහුන විකුර්ති වී ,  අතක් කැඩී , ඇවිදගන්න බැරි තත්වය පැමිනියොත් හෝ යම් අයෙකු අතින් ඇයව දූශණය වුවොත් ඇයට තවත් ආලය කරනවද ? යන්නයි. විශ්වාස කරන්න , බොහෝ අයගේ උත්තරය නම්  "මේකනෙ බන් .....බ්ලා බ්ලා බ්ලා " යන්නයි. ඔබේ පිලිතුරත් එය නම් එතන ආලයක් නැත.

පාසල් වියේ ආලය නිසා අධ්‍යාපනය බිඳ වැටෙන බව ගුරුවරුන්ගේ හා තවත් බොහෝ දෙනාගේ අදහසයි. එය තරමක් දුරට සත්‍ය වුවත් එය එසේම නැත.
මාගේ හොඳම මිතුරන් හෙවත් ෆ්‍රෙන්ඩන් දෙදෙනා , අයෙක් A7 ක් , B2 හා අනිත් කෙනා A8 ක් සහ B1 ගෙන O\L සමත් විය. ඔවුන් දෙදෙනාම හොඳ හැටි ආලය කල අයය. එක් යහලුවෙක් නොකලේ දරුවන් ලැබීමට කටයුතු කිරීම පමනකි. ඉතින් තව මොන කතාද ? ආලය අධ්‍යාපනයට බධාවක් නොවේ !


කොළඹ වැනි අතිශයෙන්ම නාගරික පලාතක් නොවන දිශාවක අයට මුහුන දීමට අති විශාල ප්‍රශනයක් ඇත. එනම් "කුලය" යන්නයි. එහි කිසිම තේරුමක් නැති බව මගේ පිලි ගැනීමයි , නමුත් අප ඔලුවෙන් සිටගෙන කියූවත් වැඩිහිටියන් ( නැණවත් අත්ලොස්සක් හැරෙන්නට ) එය එසේ නොවේ යයි යන්න පිලි නොගනී.

නමුත් මෙවැනි පලාත් වල අඩු කුලයක් සහ උසස් කුලයක් එකතු වීම යනු පව්ලෙන් නෙරපා දැමීමට තරම් ක්‍රියා කරන දරුනු වැරැද්දක් වී ඇත. මා බොහෝ යහලුවන්ගේන් ඇසූ ලෙස මට පෙනී ගියේ බොහෝ අය එය ගැන තැකීමක් නොකරන බවයි , බොහෝ අය නොදන්නා බව දැන ගැනීම මට අති විශාල පුදුමයක්ද විය.
මා 11 වසරේ සිටියදී මගේ මව මට පැවසුවේ 'අඩු' අය සමඟ යාලුවුවහොත් ( අදහස් වූවේ විවාහ වීම බව මට දැනුනි ) මාගේ පියා ක්‍රියා කරන ආකාරය ගැන සිතා ගන්න යන්නයි. ( මගේ පියා මට කිසි දිනෙක ගසා ඳඩුවම් කර නැතත් ඔහු රැවූ සැමවිටම මම අඬා වැටෙන්නෙමි , එසේම ඔහු ආලය වැනි මාතෘකා යටතේ මා සමඟ කතා නොකරයි )
මාගේ මව පැවසූ ආකාරයට එසේ යහලු වීමෙන් කිසිදු වරදක් නැතත් සමාජය ඒ ගැන සිතන ආකරය ගැන මට පැහැදිලි කලේය. සමාජය සිතන දේ ගැන මට පලක් නැතයි කීමට තරම් මට එදා කොන්ද පන තිබුනේ නැත. නමුත් මා එසේ කියුවේ නම් එතන විශාල ප්‍රශනයක් හට ගැනීමට ඉඩ තිබිනි.
මගේ අදහස නම් මෙවැනි දේ ගැන දැඩි ලෙස දෙමාපියන් සිටී නම් ඒ ගැන තම දරුවන්ව 10 , 11 වසරදීම දැනුවත් කරන එක හොඳ බවය. නමුත් එතන තවත් ප්‍රශ්නයක් ඇතිවේ , එනම් කුල බේදය යන්න දැඩි ලෙස දරුවන්ගේ සිතේද පැල පැදියම් වීමයි.
මා පෙරද පැවසූ ආකාරයට සමාජය සහ සම්මතය යනු පිලිලයකි.

මා දන්නා පමනින් පාසල් වියේ ආලය කොටස් දෙකකට බෙදේ

  1. සිරා ලව් ( සැබවින්ම ආලය කරන අය )
  2. ආතල් ලව් ( තම සතුට තකා ප්‍රයෝජනයට ගෙන ඕනෑම මොහොතක අත හැර දැමීමට සූදානම් අය , මෙය සැබවින්ම ආලය නොවේ )
සත්ය ආලයක් බිඳවැටුනු විට බොහෝ දෙනා ආතල් එකට ලව් එකක් කරන බව මම දැක ඇත්තෙමි.


පාසල් වියේ බොහෝ දෙනා ( මා දන්නා දෙදෙනෙක් හැරුනු කොට ) අන් සැවොම ආලය ආරම්ඹ කිරීමට පෙර සලකා බලන කරුනු කිහිපයක් ඇත.

  1. ලස්සන ( බොහෝ අය සොයන්නේ සුදු අයවය )
  2. ශරීරය ( ශරීරය වැඩී තිබිය යුතුය )
  3. මුදල් ( සල්ලි කාරයෙක් පියා නම් වඩා කැමතිය , නමුත් පෙර කී දේ හොඳ නම් මෙය අත්‍යවශ්‍ය නැත. )
  4. මීට පෙර කීදෙනෙක් සමඟ යාලුවී සිට ඇතිද ? එය කඩා වැටුනේ ඇයි ( දැන් දැන් මෙයද ප්‍රශ්නයක් නොවේ )
     
දෙදෙනාගේ අදහස් ගැලපේද නැද්ද යන්න ඔවුන්ට කිසිසේත් අවශ්‍ය නැත. මෙවැනි දේ දකින විට මට සිතෙන්නේ බටහිර රටවල තිබෙන living together සංස්කෘතිය වඩා ගැලපෙන බවය. ඔවුන්ට තම සහකාරිය genuine නොහොත් කන්‍යාවියක් වීම අවශ්‍ය නැත , ලිංගික තෘප්තිය ගැලපේද නැද්ද යන්නද සලකා බලයි , කුල පිලිඹද ප්‍රශ්නයද නැත , පාසල් වලින් කොකු දමන්නේද නැත.... මෙවැනි දේ මා කියනවිට සැම කෙනාම ඇද ගන්නේ "අපේ සංස්කෘතිය" යන්නයි. එසේ නම් තබාගෙන ඉඳගනිල්ලා යන්න මගේ පිලිතුරයි.

මගේ අදහස නම් , living together සංස්කෘතිය පැලපදියම් කිරීම නොව පලමුව යහලුවන් සේ සිට තම තමන්ගේ අදහස් ගැලපේනම් , තමා තම බිරිඳගෙන් හෝ ආදරවන්තියගෙන් බලාපොරොත්තු වෙන ගුණාන්ග ඇය හෝ ඔහු තුල දක්නට ඇත්නම් , සැබවින්ම තමන් අතර ආලයක් ඇත්නම් ආදරය කිරීමට පටන් ගත යුතුය යන්නයි.මේසේ පලමුව යහලුකමක් ලෙස ඇරඹ පසුව ආලයක් වූ ආදරයක් මා දැක ඇත්තේ එක අයෙක් සතුව පමණකි. ඒ මා පෙර සඳහන් කල මගේ ෆ්‍රෙන්ඩන් ගෙන් කෙනෙකුය. අනෙත් කෙනා මෑතකදී තම ආදරවන්තියගේ තරම දැන ( අදහස් නොගැලපීම ) ආදර බිඳවැටුනි.
බොහෝ අයගේ ආලය කඩා වැටී ඇත්තේ ඔවුනොවුන් අතර නිසි වැටහීමක් නොපැවතිය නිසාය , සමහරු පාසලට හෝ නිවසට 'මාට්ටු' වීම නිසා ආලය නවත්වයි. [ බොහෝ අය එසේ වුවත් දිගටම හොර රහසේ ආලය කරති. ] තවත් සමහරු ඇයගේ හෝ ඔහුගේ නියම තත්වය වටහා ගැනීම නිසා තම සම්ඹන්දය නවතා දමති.


ආදර කරන්නන්ගෙන් 90 % කටම 'වලි' වැටෙන බව මම දැක ඇත්තෙමි. නැතහොත් තම ආලවන්තියට කිසිවෙක් විහිලුවක් කිරීම නිසා වලියක් දා ගනිති. සමහරු මෙයින් තමා ගේ තත්වය හා චන්ඩි බව පෙන්වන්න උත්සාහ කරති , සමහරු තම ආලවන්තියගේ සහෝදරවරුන්ගෙන් ගුටි කති. පාසල් වියේ 'ලව්' කලොත් 'වලියක්' අනිවාර්‍ය බව එක් කරුනකි.

පාසල් වියේදී ආලය කරන බොහෝ අය තම සහකාරියගෙන් යම් ආකාරයක තෘප්තියක් ලබා ගැනීමද අපේක්ශා කරන බව මගේ දැනීමයි. එය අතින් ඇල්ලීමේ සිට ලිංගික තෘප්තිය දක්වාම යන බව මම දන්නෙමි. සමාජයට සහ සම්මතයට විරුද්ධවුවත් මෙවැනි දේ ගැන මාහට අත්දැකීම් හෝ ඇසින් දැක නැති මම මෙය සාකච්චාවට හෝ විවේචනයට නොයමි. නමුත් තේරුම් ගත යුතු දෙය නම් තම දෙමාපියන්ට විරුද්ධව , නිවසට , දෙමාපියන්ට බොරු කියා පැමිනෙන මෙම සහකාරිය හෝ සහකරුවා දෙමාපියන්ටත් හොරෙන් මෙවැනි දෙ කරයි නම් ඉදිරියෙදී තමාට ( ඔබට ) හොරෙන් මොනවා කරාවිද යන්නයි.

මෙම ලිපිය මා සිතුවාට වඩා දික් වෙන බව පෙනේ... තව පැවසීමට බොහෝ දේද ඇත. පසු දිනක ඒ ගැන ලියා දක්වන්නට මම සිතමි. අවසානයට තේරුම් ගත් යුතු දේය නම් තම සහකරු හෝ සහකාරියගෙන් අපේක්ශා කරන දෙය ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙයිනම් , එය නියම ආලයක් නම් , තම තමන්ගේ අදහස් ගැලපේ නම් , හැකි නම් දෙමාපියන්ගේද අදහස් වලට ගැලපෙන ලෙස ආදරයක් පාසල් වියේදී ආරම්ඹය වරදක් නොවන බවයි. එනමුත් ආලය යන්න හරි හැටි නොදන්නා 7 , 8 වසර වල සිසුවියන් පවා මගේ යහලුවන් සමඟ 'ලව්' කරනු දැකීම මට මහත් සේ කනගාටුවකි.ආලය නිසා අධ්‍යාපනය අත හැර දැමූ සහ අධ්‍යාපනය විනාශකරගත් අයද මා දන්නෙමි. සියල්ල සමබරව කර ගැනීමට තමා දැනුවත් විය යුතුය.

p.s.- මා එක් සිසුවියකට වසර 4 ක සිට ආලය කරන නමුත් ඇය හා මා කතා කර ඇත්තේ එක් වරක් පමනකි. ඒ ඊයෙ Good Morning පාරකි. වසරක් බාල නිසා පාසලේදී ඉඩ කඩ වැඩිය නොලැබීමත් , ඇය යන්නේ බස් රථයෙන් සහ මම සිටින්නේ පාසලට ආසන්න නිසා පාසලෙන් පිටත හමුවීමට නොහැකි වීමත් , පෙර කී කරුනු බොහෝමයක් නිසාත් , කොන්ද පන නැති නිසාත් ඇගේ අදහස් විමසීමට ක්‍රමයක් නැති නිසාත් , ආතල් එකට ලව් කර පසුව අත හැර දැමීමට නොහැකි නිසාත් මම එය කාලයට බාරදී සිටින්නෙමි.

17 අදහස්:

දුකා said...

ම් ම් ම් මේක ගැන පොඩි පහේ කමෙන්ට් එකක් දැම්මොත් හිතට මදි ඩ්‍රැගන් මලේ . . . එආක් නිසා නිවාඩු පාඩුව ගෙදරදි මේ ගැන හිතලා බලලා යමක් කියන්නම් . . . ! මොනා උනත් හොඳ ලිපියක් . . . වචන දෙකක් නෑ . . . විවාදයට ගත යුතුයි . . . සදාචාරය සම්මතය පටලවා නොගෙන මානුශිකත්වය කියන කෝනයෙන් බැලුවොත් ගොඩක් තැන් වල ඔයා හරි . . . ම් ම් මට තව පොඩි කාලයක් දෙන්නකෝ මේ ගෑන් යමක් කියන්න . . .

GNS said...

>>දෙමාපියන්ටත් හොරෙන් මෙවැනි දෙ කරයි නම් ඉදිරියෙදී
>>තමාට හොරෙන් මොනවා කරාවිද යන්නයි

අන්න කතාව...

මනුශාන් said...

හොද ලිපියක් කොල්ලා

dilanrf said...

මචන් මම පොර ටෝක් දෙනවා නෙමේ , ඒත් 2 වැනි ජේදයේ කියපු ඒවත් එක්ක මම එකගයි , ඒවා කරන්නත් මම ලෑස්තියි

Supun Sudaraka said...

එළ එළ! අනර්ඝයි!!

DragonD said...

@ දුකා
එල එල දුකා අය්යේ

@ ගයන්ත
ඒක තමා

@ මනුශාන්
තැන්ක්ස්

@ dilanrf
අන්න හොඳා ! මගෙන් සුබ පැතුම් !!

@ Supun Sudaraka
තැන්ක්ස්

budhajeewa said...

ඇත්ත කතාව. බොක්ක දෙන්න වගේ කරන එවුං කීයෙන් කීදෙනෙක් කෑල්ලට අර උඹ කීව වගේ දෙයක් උනොත් තමංගෙ ස්ථාවරේ වෙනස් කරන්නෙ නැතිව ඉඳීද කියල සැකයි.

[said]
දෙමාපියන්ටත් හොරෙන් මෙවැනි දෙ කරයි නම් ඉදිරියෙදී තමාට ( ඔබට ) හොරෙන් මොනවා කරාවිද යන්නයි.
[/said]
ඒක ඇත්ත. බට්, ගෙදරට නොකියන්න එකම හේතුව ඒක නොවෙන්න පුළුවන්. සමහර විට හේතුව ඒ සඳහා සුදුසු පරිසරයක් ගෙදර නොතිබීම වෙන්නත් පුළුවන්. මේවගේ සංකීර්ණ දේවල් එක පැත්තකින් විතරක් කල්පනා කරලා සමීකරණ හදන්න බෑ. මිනිස් මනස විවිධයි නේ.

දැං උඹේ නිරීක්‍ෂණ වල මෙහෙම එකක් දැකලා තියනවාද, සමහර සිරා එවුන්ට කොච්චර ට්‍රයි කරත් වැටෙන්නෙ නැති උනාට, ආතල් එවුන්ට නං පටස් ගාලා වැටීම වැනි සංසිද්ධියක්?

dilanrf said...

ඒත් ඩ්‍රැගන් අයියේ ................... :(

DragonD said...

@ Supun Budhajeewa

[said]
ඒක ඇත්ත. බට්, ගෙදරට නොකියන්න එකම හේතුව ඒක නොවෙන්න පුළුවන්. සමහර විට හේතුව ඒ සඳහා සුදුසු පරිසරයක් ගෙදර නොතිබීම වෙන්නත් පුළුවන්. මේවගේ සංකීර්ණ දේවල් එක පැත්තකින් විතරක් කල්පනා කරලා සමීකරණ හදන්න බෑ. මිනිස් මනස විවිධයි නේ.
[/said]

නෑ මචන් , මේක වෙනස් දෙයක්... ලව් එක ගෙදෙට්ට කියන්න තරම් fit එකක් තියෙන අයත් ඉන්නවා... නමුත් තමන්ගෙ කොල්ල එක්ක කැලෑ අස්සයෙයි , පාලු තැන් වලයි ඉඳගෙන ඕනි අවලම් වැඩක් ( සමාජයේ සහ සම්මතයේ අවලම් යැයි පිලි ගන්නා ) කරන්න කෙල්ලෙක් සෙට් වෙනවනම් කොල්ල හිතන්න ඕනි නැද්ද තමන්ගෙ දෙමාපියන්ට හොර කරල මේ වගේ දේකට එන මේ කෙල්ල පස්සෙ විවාහ වුනාට පස්සෙ තමන්ට මොනවැයින් මොනව කියල හොර වැඩ කරයිද කියල..... ඒත් ඉතින් එහෙම්ම කියල පයින් ගහන්නත් බෑ තමා... තීරනය ඉතින් තම තමා අතේ !

[said]
දැං උඹේ නිරීක්‍ෂණ වල මෙහෙම එකක් දැකලා තියනවාද, සමහර සිරා එවුන්ට කොච්චර ට්‍රයි කරත් වැටෙන්නෙ නැති උනාට, ආතල් එවුන්ට නං පටස් ගාලා වැටීම වැනි සංසිද්ධියක්?
[/said]

බොහෝ විට... හිකි හිකි !! ඒකත් ඇත්ත තමා !

DragonD said...

@ Dilan Fernando

අය්යා ? මට 16 යි , ඔයාට 22 යි , ඔයගෙ උපන් දිනෙත් 1986 නෙ ! ...... ඇයි කෑල්ල තරහද ? ඔය කැම්පස් එකෙ පොරක් නේද ?

dilanrf said...

අහ් , ඔව් ඔව් මම 86 තමා , සහ කැම්පස් තමා , අයියෝ නෑ නෑ එහෙම සීන් එකක් නෙමේ, තරහ වෙන්න උනත් යාළු වෙලා ඉන්න ඕනේ නේ මචන් :(

Prabhath said...

මලේ සිරාම කතාව.
හැබැයි මම වැටෙන්නෙ අර ඔයා මුලින්ම කිවුව අතලොස්සක් පිරිස අතරට.(හැබැයි රජෝ මම 'ඉතාම දරුණු පොත් ගුල්ලෙක් වත්, වයසට ගැලපෙන ලෙස නෝමේරපු ලදරුවෙක්වත් නෙමේ.මම හැගීම් පාලනය කරපු මනුස්සයෙක්.)
ඒ නිසා මම මේ කාරණය දකින්නෙ වෙනස් විදිහකට.
ඒ වුනාට කතාවට මම සම්පූර්ණයෙන් එකඟයි. ආතල් ලව් කිරිල්ලයි, සැබෑම ආදරයයි කියන්නෙ විවාදයට ගත යුතු කාලීන මාතෘකාවක්.
ඉදිරියටම කරගෙන යන්න. අපි ඉන්නවා ඔයා එක්ක..

Narada said...

එලෙළ! හිතෙන දේ ලියන්න දැන් හිත නිදහස් නෑ වගේ, වෙලාවක් හම්බ වුණාම බලන්න ඕනේ. Living Together ගැන කතාව මීට ටිකක් එහා ගිය එකක්.

ඉන්දික said...

හික්ස්..මල්ලියා මරු ලිපියක් ලියලනේ..
නියමයි මල්ලි..හැදෙන එකෙකුට මේ ලිපියම ඇති හැදෙන්න.
ජය වේවා..තව තව ලියන්න..

අමිල said...

නියමයි මල්ලි. මේ වගේ ලිපියක් ඔය වයසේ ඉන්න කෙනෙක්ගෙන් ලියවෙනවා කියන්නෙ කලාතුරකින් වෙනදෙයක්.මුලින්ම ඒ ගැන ශුභ පැතුම්.මොකද සමහර එවුන් ඉන්නවා කොච්චර වයස ගියත් ඕවා තේරෙන්නැති උන්.මම පොඩි කතාවත් කියන්නම්

මම දවසක් ගෙදර ඉන්න බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කොට අපේ ගෙවල් කිට්ටුවම පොරකුත් බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා හිටියා ගෙදර යන්න.
මම මූව දිරවන්නෑ. ඒත් අපේ පැත්තෙ එකෙක් හින්දා කතා නොකරත් බෑ.ඔහොම ඉන්නකොට මූ ඔසරියක් ඇඳලා යන ගෑණු ලමයෙක් දිහා බලලා මාත් එක්ක කිවුවා wwxx#ssdsodjo####
(බලධාරියා විසින් කපා හරින ලදී). මම ඊට පස්සෙ මුගෙන් ඇහුවා "ඈ යකෝ උඹ බැඳලා නේද ඉන්නෙ ලැජ්ජා නැද්ද බන් කියලා.මූ ඊට පස්සෙ කිවුවා "නෑ බන් බ්ලා බ්ලා බ්ලා " කියලා.මේකා බැඳලා ළමයෙකුත් ඉන්නවා.ඕන් පොරවල් මුන්ට ගහන්න ඕනෑ 2*2 පොල්ලකින්

DragonD said...

@ dilanrf
ඒකනෙ මම කිව්වෙ !

@ Prabhath Darshana
තැන්කියු වෙවා .....

@ -බිன்ku-
ඔව්...වෙන්න ඇති.. මම නම් දන්නෙ ඒක ගැන ටිකයි.. ඔයා ඉතින් මොල කාරයනෙ...

@ ඉන්දික
තැන්කියු වෙවා ඩොක්ටර් අය්යා .....

@ අමිල
තැන්කියු වෙවා .....මට නම් කපල දාපු වචන ටික හිතා ගන්න පුලුවන්......

ඉන්දික said...

කවුද කීවෙ මම ඩොක්ටර් කෙනෙක් කියලා..මල්ලිට දැං යාලුවොත් පැටලෙනවා වගේ...පෙත්ත මේසෙ උඩද? අද ගන්න අමතක වෙලා වගේ..හික්ස්!

සින්හලෙන් ලියන්න මෙතන කොටන්න

ඔබෙ අදහස් මෙතන කොටන්න